දේශනා පටිගත කිරීම් තුනක්

සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් පසුගිය දින කිහිපය තුළ කොළඹ දී කල දේශනා තුනක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න. මේවා අප වෙත එවූ සද්ධාතිස්ස හිමියන්ට සහ දේශප්‍රිය මහතාට මේ ධර්ම දානමය පින අයත්වේ.

  1. 2018-03-05 නාවල දොස්තර ශ්‍රියානි මහත්මියගේ නිවසේ පැවැත්වූ කෙටි දේශනාව
  2. 2018-03-08 සරණ පාර CECB හිදී පැවති දේශනාව
  3. 2018-03-10 කිරුලපන ශ්‍රී යමුනා සදහම් අරමේදී පැවැත්වූ දේශනාව

රත්නපුරයේදී සිදුකල දේශනා

සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් පසුගිය දින කිහිපය තුළ රතනපුරයේදී කල දේශනා සහ සාකච්චා තුනක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න. මේවා අප වෙත එවූ සද්ධාතිස්ස සහ සුමන හිමියන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.

  1. 2018-03-01 ලලිත් මහතා සමග සාකච්චාව
  2. 2018-03-02 පාතකඩ සුමනතිස්ස හිමියන් සමග සාකච්චාව
  3. 2018-03-04 මල්වැස්සාවෙහෙර ආරණ්‍යයේ පැවති ධර්ම දේශනාව

විශේෂ පින්කම් මාලාව

පිංකම අවසන්ව ඇති අතර සියලු දේශනා සහ වීඩියෝ දර්ශන මෙතැනින් ලබාගන්න.

විභජ්ජවාද දුර්මත විදාරණය කරණු වස් මහා සංඝරත්නය උදෙසා වන ආභිධර්මික සම්භාෂණය හා අසිරිමත් ස්වර්ණමාලි මහා ස්තූප පූජා පෙළහර

2018. 05. 12 දින උදෑසන සිට රාත්‍රී 12. 00 දක්වා අනුරාධපුර ස්වර්ණමාලි මහසෑ අභියස දී පැවැත්වේ. කාලසටහන මෙතැනින් ලබාගන්න.

විභජ්ජවාද අභිධර්ම සම්භාෂණය

2018. 05. 12 දින උදෑසන 7.00 සිට ප.ව. 03.00 දක්වා මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

වර්ෂ කිහිපයක් මුළුල්ලෙහි දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහාසංඝරත්නය උදෙසා ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය ඇතුළු ස්ථාන කිහිපයක දී අතිසාර්ථකව පවත්වන ලද සමන්තපාසාදිකා ධර්මවිනය සම්භාෂණය, ආලෝකෝ උදපාදි ධර්මවිනය ප්‍රත්‍යවලෝකනය යන සුවිශේෂී ධර්මවිනය සම්භාෂණ මෙවර විභජ්ජවාද ආභිධර්මික සම්භාෂණය නමින් 1000නමක් මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ස්වර්ණමාලි මහසෑරදුන් අභියස දී පැවැත් වේ.

  1. නිවැරදි ධර්ම විශ්ලේෂණක් කිරීමට අවශ්‍යය පේටකාගත න්‍යායන් හා ආභිධර්මික විශ්ලේෂණ පිළිබඳ මහා සංඝරත්නය දැනුවත් කිරීම
  2. ත්‍රිපිටක පර්යාප්තිය පරිශීිලනය හා සංරක්‍ෂණයෙහි ලා භික්‍ෂුව සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම

ධර්මය පිළිබඳව සමාජ ගතවන කථං කථිතාව (කෙසේ ද කෙසේ ද යන සැකය) පිළිබඳ හා ධර්ම අධර්ම විනිශ්චය පිණිස වන ශාසනික න්‍යායන් ඇතුළත් පර්යේෂණාත්මක විවරණයකි.

මෙහෙයවීම: පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ

අරමුණු:

  1. සුපේසල, ශික්‍ෂාකාමී, ධර්මවිනය ධර භික්‍ෂු පරපුරක් බිහි කිරීම තුළින් සම්බුදුසසුනේ චිරස්ථිතිය
  2. යුද්ධයෙන් දිවි අහිමි වූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම
  3. යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවන් කුසලයට නැඹුරු කිරීම හා චිත්ත ධෛර්යය වර්ධනය කිරීම
  4. ලක්මාතාවට හා ලෝවැසියන් සඳහා සෙත් පැතීම

ස්වර්ණමාලි මහ සෑ පූජා පෙළහර

ලක්‍ෂ සංඛ්‍යාත සැදහැතියන්ගේ සහභාගිත්වයෙන් 2018. 05. 12 දින උදෑසන 5.30 සිට රාත්‍රී 12. 00 දක්වා පැවැත්වේ.

පිංකම් මාලාව

  1. ශ්‍රී සර්වඥධාතු වන්දනාව
  2. මහ සෑ මළුව වටා ඇති කොඩි කණුවල බෞද්ධ කොඩි පැළඳවීම
  3. සම්බුද්ධ පූජාව, අෂ්ට පරිෂ්කාර සහ ස්වර්ණ වර්ණ කඤ්චුකය ථූපාරාමය අසල සිට දර්ශනීය පෙරහැරකින් වැඩම කරවීම
  4. ස්වර්ණ වර්ණ කඤ්චුකය මහ සෑයට පැළඳවීම, මහසෑයේ පේසා වළලු 3, පරිවාර චෛත්‍යය 4, කඤ්චුකවලින් සැරසීම හා මහසෑයේ පේසාවේ මල් ඇතිරීම
  5. විදුලි බුබුළු ආලෝක පූජාව (මහසෑයේ සහ පරිවාර චෛත්‍යවල පේසාවළලු, සෑ මළුව සහ පිවිසෙන මාර්ගය)
  6. මව්බිම වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්‍ෂක අංශයේ රණවිරුවන් වෙනුවෙන් එකී අංශවල නිළධාරී මහතුන් විසින් විශේෂයෙන් පිළියෙල කළ පහන්වලින් සිදු කෙරෙන පහන් ආලෝක පූජාව හා එම රණවිරුවන්ගේ දෙමව්පියන් විසින් නිවසේ දී සිඳගත් පහන් තෙලින් සිදු කෙරෙන පහන් 20,000ක විශේෂ ආලෝක පූජාව
  7. යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවන් විසින් සිදු කෙරෙන නෙළුම් මල් කළඹ 10,000ක විශේෂ පූජාව
  8. ගුවනින් මල් ඉසීම හා මල්වෙඩි පූජාව (අභයවැව ඉස්මත්තේ සිට)
  9. විශේෂ ශබ්ද පූජාව (108 දෙනෙකුගෙන් සැදුම්ලත් හේවිසි කණ්ඩායම)
  10. අසිරිමත් සත්බුදු වන්දනාව හා මහාස්තූප වන්දනාව (අතිපූජ්‍ය පිටිගල ගුණරතන හිමිපාණෝ)
  11. මහ සෑ මළුව සුවඳ පැනින් දෝවනය කිරීම හා පහන් ගෙවල් පිරිසිදු කිරීම
  12. සෙත්පිරිත් සජ්ඣායනය
  13. ක්‍ෂීරපායාස සම්බුද්ධ පූජාව
  14. 1000ක් නමක් වෙත හීල් දානය, සංඝගත දක්‍ෂිණාව හා ධම්මසංගණී විවරණ ග්‍රන්ථ පූජාකිරීම
  15. ග්‍රාමීය විහාරස්ථාන 100ක් වෙත සිදු කෙරෙන ත්‍රිපිටක පූජාව හා පොත් කබඞ් පූජාව. (පොත්
    කට්ටල සියයක්)
  16. විශේෂ ධර්ම දේශනය (අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමිපාණන් වහන්සේ)

විමසීම්:

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමි,
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය, මුරියාකඩවල, අනුරාධපුර.

  1. Email: labunoruwakanda@gmail.com 
  2. Telephone: 0772774640 / 0764417311 / 0714079712
  3. Facebook: ලබුනොරුවකන්ද ආරණ්‍යය සේනාසනය

පිංවත් ඔබගේ සියලු ආධාර කිරීම් පහත දැක්වෙන ගිණුම් අංකය සඳහා පමණයි:

Account No. – 102161004287
Swift code – BSAMLKLX
Labunoruwakanda Kanda Aranya Senasuna Sanwardhana Samithi
Sampath Bank, Anuradhapura Branch

ඉදිරියේදී පැවැත්වෙන ධර්ම දේශනා දෙකක්

මාතලේ දේශනාව

2018 පෙබරවාරි 24 සෙනසුරාදා ගිහි පැවිදි දෙපාර්ශවය සඳහාම ධර්ම දේශනය උදාසන 8 සිට සවස 4 තෙක් මාතලේ බෝගහකොටුව පන්සලේදී. විමසීම් 0765375753 – ගාමිණී

කොළඹ දේශනාව

2018 මාර්තු මස 10 සෙනසුරාදා දින සවස 3.00 සිට සිරි යමුනා සදහම් ආරාමය – කිරුලපන ස්ථානයේදී ධර්ම දේශනාවක් පැවැත්වේ. මාර්ග විස්තරය: හයිලෙවල් ප්‍රධාන මාර්ගයේ කිරුලපන පාලමේ සිට මීටර් 500ක් කොළඹ දෙසට එනවිට බස් මාර්ග අංක (138, 122, 125)

විමසීම්: 0770-769101, 0774-023101, 0777-394289

Google map: https://goo.gl/maps/A5qNT5JN6Ny

ධර්ම දේශනා පටිගත කිරීම් සහ අලුත් පොත

සුදස්සන හිමියන් විසින් 2017 වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හිදී ලබුනොරුව ආරණ්‍යයේ දී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් මාර්ගය සහ ප්‍රතිපදාව විවරණය කරමින් පැවැත්වූ ඉතා වැදගත් දේශනා 29 ක් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගෙන ශ්‍රවණය කරන්න.

2017-10 සිට 2017-12 දක්වා ඉතා වැදගත් භික්ෂු දේශනා

මේ පටිගත කිරීම් සංශෝධනය කර අපවෙත ලබාදීමට කටයුතු කල ගාමිණී මහතාට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය. කලින් ලැබී තිබුණු දේශනා 13 ඉවත් කර මෙසේ මුළු දේශනා මාලාවම අලුතින් ඇතුළු කල බව කරුණාවෙන් සලකන්න.

නවම් පෝදින දේශනා

අති පූජනීය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් නවම් පොහෝ දින සිල් පිරිස වෙනුවෙන් කරන ලද ඉතා වැදගත් ධර්ම දේශනාවල පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න.

  1. 2018-01-31 නවම් පෝ දින උදාසන ධර්ම දේශනාව
  2. 2018-01-31 නවම් පෝ දින දහවල ධර්ම දේශනාව

මේ පටිගත කිරීම් සිදුකල සිසිරුවන් මහතාට ද ඒවා අපවෙත ලබාදීමට කටයුතු කල හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.

“ස්වාක්ඛාතො භගවතා ධම්මො” අළුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2017-10-27 සහ 2017-10-28 දින දෙකේ පැවැත්වූ භික්ෂු දේශනා ඇතුලත් කරලා කලණ මිතුරු මුනිදාස මහතා සැකසූ අලුත් ධර්ම පුස්තකය ඉතා අඩු මුදලකට මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පොතේ අන්තර්ජාල සංස්කරණය

පිටු 78 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 34/- ක් පමණි. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය මුණිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.

“ඡස්සු ලොකො සමුප්පන්නො” අළුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2017 ඔක්තෝම්බර් 06 දින බලංගොඩ දී සහ 2017 දෙසැම්බර් 16 දින රාජගිරිය ජයශේකරාරාමයේ දී පැවැත්වූ විශේෂ දේශනා දෙක ඇතුලත් කරලා කලණ මිතුරු කුමාර් ප්‍රනාන්දු මහතා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පොතේ අන්තර්ජාල සංස්කරණය

පිටු 88 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 48/- ක්. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය කුමාර් මහතාට දැනුම් දෙන්න 077 7802007

2018-01-28 පේරාදෙණිය දේශනාවේ පටිගත කිරීම

2018-01-28 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී පැවැත්වූ දේශනාවේ පටිගත කිරීම අප වෙත ලැබී පහතින් වෙබ්අඩවියට එක් කර ඇත. මෙය අප වෙත එවූ මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.

2018-01-28 පේරාදෙණිය දේශනාව

ඉදිරියේදී පැවැත්වෙන දේශනාවක්

2017-01-28 වන ඉරු දිනයෙහි උදෑසන 08:00 සිට 10:30 තෙක් අතිගෞරවණීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන් සද්ධර්ම දේශනාවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨ ආපනශාලාවේදී පවත්වනු ලැබේ. ධර්ම චක්ෂුසය උපදවාගනු කැමති සැදැහැති සත්පුරුෂ පිංවතුන්ට බැතිසිතින් ආරාධනා…

The organizers are “Sumaga Padanama – Matale”.
වැඩි විස්තර සඳහා අමතන්න -> 0777665198 (Mr. Dayananda). 0765375753 (Mr. Gamini)

කැළණි දේශනාවේ පටිගත කිරීම සහ රාජගිරිය දේශනාවේ වීඩියෝව

දෙසැම්බර් 22 සිකුරාදා දින සවස 7 ට කැළණි රජමහා විහාරස්ථානයේ දී මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පැවැත්වූ ධර්ම දේශනාවේ පටිගත කිරීම අප වෙත ලැබී ඇත. එය පහතින් ලබාගන්න.

2017-12-22 කැළණිය නිග්‍රෝධ කප්ප සූත්‍රය

මේ දේශනාවේ පටිගත කිරීම අප වෙත ලබාදුන් ලලිත් මහතාට මේ ධර්ම දානමය පින අයත්වේ.

රාජගිරිය දේශනාවේ වීඩියෝව

2017-12-16 දින රාජගිරියේ දී පැවැත්වූ දේශනාවේ වීඩියෝව මෙතැනින් ලබාගන්න. එය ලබාදුන් චාමින්ද මහතාට මේ ධර්ම දානමය පින අයත්වේ.

රාජගිරිය දේශනාවේ පටිගත කිරීම සහ කැලණිය දේශනාව

පසුගිය 16 වැනි දින රාජගිරියේදී සුදස්සන හිමියන් විසින් පැවැත්වූ දේශනාවේ පටිගත කිරීම අප වෙත ලැබී ඇත. එය පහතින් ලබාගන්න. 

2017-12-16 රාජගිරිය දේශනාව

මේ පටිගත කිරීම අපවෙත ලබාදීමට කටයුතු කල චාමින්ද මහතාට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.

කැලණිය විහාරස්ථානයේ දේශනාව

දෙසැම්බර් 22 සිකුරාදා දින සවස 7 ට කැළණි රජමහා විහාරස්ථානයේ දී මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනාවක් පවත්වනු ලැබේ. සියලු දෙනා සහභාගී වෙත්වා. සෑම දෙනාටම පණිවිඩය යවන්න.