භික්ෂු දේශනා සහ උඳුවප් පෝදින දේශනා පටිගත කිරීම්

සුදස්සන හිමියන් විසින් 2017 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයන්හිදී ලබුනොරුව ආරණ්‍යයේ දී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් මාර්ගය සහ ප්‍රතිපදාව විවරණය කරමින් පැවැත්වූ ඉතා වැදගත් දේශනා 13 ක් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගෙන ශ්‍රවණය කරන්න.

2017-10 සිට 2017-11 දක්වා භික්ෂු දේශනා

මේ පටිගත කිරීම් සංශෝධනය කර අපවෙත ලබාදීමට කටයුතු කල චින්තක මහතාට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.

උඳුවප් පෝදින දේශනා

අති පූජනීය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් උඳුවප් පොහෝ දින සිල් පිරිස වෙනුවෙන් කරන ලද ඉතා වැදගත් ධර්ම දේශනාවල පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න.

  1. 2017-12-03 උදාසන ධර්ම දේශනාව
  2. 2017-12-03 දහවල ධර්ම දේශනාව

මේ පටිගත කිරීම් අපවෙත ඉතා ඉක්මනින් ලබාදීමට විශේෂ උනන්දුවකින් කටයුතු කල හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.

සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනාවක් 2017-12-16 (හෙට) දින සවස 3 ට කොළඹදී (රාජගිරිය ජයශේඛරාරාමය) පැවැත්වෙන බවද නැවත මතක් කරනු කැමැත්තෙමි.

“අස්සුතං සුනාථ” අලුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2017-11-18 ලබුනොරුව ආරණ්‍යයේ දී පැවැත්වූ විශේෂ දේශනා දෙක අවසරය සහිතව ඇතුලත් කරලා කලණ මිතුරු මාතර මුනිදාස මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පිටු 92 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 40/- ක්. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය මුනිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.

පොතේ අන්තර්ජාල සංස්කරණය (PDF)

විශේෂ ධර්ම දේශනාවේ වීඩියෝ පටිගත කිරීම් සහ අලුත් පොත

අති පූජ්‍ය සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් නොවැම්බර් 18 සෙනසුරාදා උදෑසන 8.00 සිට සවස 3 දක්වා ලබුනොරුව ආරණ්‍යයේ දී පවත්වන ලද විශේෂ ධර්ම දේශනා දෙකේ වීඩියෝ පටිගත කිරීම් පහතින් ලබාගන්න.

මේ පටිගත කිරීම් අපවෙත ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කල හර්ෂ මහතාටද ඒ සඳහා දායකත්වය දැක්වූ සියලු දෙනාටද මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.


පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු අලුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2017-08-07 නිකිණි පෝ දින බලංගොඩ දී පැවැත්වූ දේශනාව අවසරය සහිතව ඇතුලත් කරලා කලණ මිතුරු මාතර මුනිදාස මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පිටු 42 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 20/- ක්. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය මුනිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.

පොතේ අන්තර්ජාල සංස්කරණය (PDF)

ලබුනොරුව සහ නාඋල කඨින දේශනා වීඩියෝ පටිගත කිරීම්

ලබුනොරුව සහ නාඋල කඨින පින්කම් වලදී සිදුකරන ලද දේශනා පටිගත කරන ලද වීඩියෝ අප වෙත ලැබී youtube එකට එක් කරන ලදී. ඒවා පහතින් ලබා ගන්න. මේවා අප වෙත ලබා දීමට ඉතා උනන්දුවෙන් කටයුතු කල සත්පුරුෂ හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.


විශේෂ ධර්ම දේශනාවේ පටිගත කිරීම්

අති පූජ්‍ය සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් නොවැම්බර් 18 සෙනසුරාදා උදෑසන 8.00 සිට සවස 3 දක්වා ලබුනොරුව ආරණ්‍යයේ දී පවත්වන ලද විශේෂ ධර්ම දේශනා දෙකේ පටිගත කිරීම් පහතින් ලබාගන්න.

එම වැඩසටහනේදී ලබාගන්නා ලද ඡායාරුප මෙතැනින් බලන්න.

මේ ඡායාරුප සහ පටිගත කිරීම් අපවෙත ඉතා ඉක්මනින් ලබාදීමට විශේෂ උනන්දුවකින් කටයුතු කල හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.

විශේෂ ධර්ම දේශනාව සහ රුක් රෝපණ වැඩසටහන

අති පූජ්‍ය සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් පවත්වන විශේෂ ධර්ම දේශනාවක් නොවැම්බර් 18 සෙනසුරාදා උදැසන 8.00 සිට සවස 3 දක්වා ලබුනොරුව ආරණ්‍යයේ දී පැවැත්වේ. නිවන් මග සම්බන්ධව ඇති ප්‍රශ්න ගැටළුද එදිනට සාකච්ඡා කල හැකිබව උන්වහන්සේ විසින් අපහට දන්වන්නට යෙදුනි.
තවද එදිනම ලබුනොරුව අරණ්‍ය අවට රක්ෂිත වනයේ රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. හැකි සැම දෙනාම සහභාගී වන්න

ඉදිරියේදී පැවැත්වෙන දේශනා

අති පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් 2017 ඔක්. 05 දින ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලද කඨිණ ධර්ම දේශනාව, 2017 නොවැම්බර් 12 ඉරිදා රාත්‍රි 9.00 සිට පුරා පැය දෙකහමාරක් බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.

අන්තර්ජාලය ඔස්සේ සජීවීව නැරඹීමට https://www.thebuddhist.tv/ වෙත පිවිසෙන්න.

– විකාශන අනුග්‍රාහක පිරිසගේ දැනුම්දීමකි

පිටකෝට්ටේ වෛද්‍ය නීලමනී මහත්මිය සහ වෛද්‍ය නිහාල් යන මහත්ම මහත්මීන්ගේ ආරාධනාවෙන් කෙරෙන ධර්ම දේශනාව 2017-12-16 දින සවස 3 ට පැවැත්වේ. ඔබත් සහභාගී වෙන්න.

ඉල් පෝය දේශනා පටිගත කිරීම්

අති පූජනීය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් ඉල් පොහෝ දින සිල් පිරිස වෙනුවෙන් කරන ලද ඉතා වැදගත් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්චාවේ පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න.

  1. 2017-11-03 ඉල් පොහොය උදැසන ධර්ම දේශනාව
  2. 2017-11-03 ඉල් පොහොය දහවල් ධර්ම සාකච්චාව

මේ දේශනා අප වෙත එවූ අමල් සහ රසික යන මහත්වරුන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.

විජ්ජා උදපාදි – අලුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2017-09-12 දින සරණ පාර, කොළඹ 7 පැවැත්වූ දේශනාව අවසරය සහිතව ඇතුලත් කරලා කලණ මිතුරු මාතර මුනිදාස මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පිටු 42 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 20/- ක්. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය මුනිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.

පොතේ අන්තර්ජාල සංස්කරණය (PDF)

බලංගොඩ කඨින වීඩියෝ එක සහ වාර්තාමය වැඩසටහන

බලංගොඩ කඨින පින්කමේදී පටිගත කරන ලද වීඩියෝ එක අප වෙත ලැබී youtube එකට එක් කරන ලදී. එය මෙතැනින් ලබා ගන්න. මෙය අප වෙත ලබාදුන් චාමින්ද මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.

වාර්තාමය (Documentary) වැඩසටහන

ලබුනොරුව අරණ්‍ය සේනාසනය ගැන සැකසු වාර්තාමය වැඩසටහන මෙතැනින් නරඹන්න