විශේෂ පින්කම් මාලාව

පිංකම අවසන්ව ඇති අතර සියලු දේශනා සහ වීඩියෝ දර්ශන මෙතැනින් ලබාගන්න.

විභජ්ජවාද දුර්මත විදාරණය කරණු වස් මහා සංඝරත්නය උදෙසා වන ආභිධර්මික සම්භාෂණය හා අසිරිමත් ස්වර්ණමාලි මහා ස්තූප පූජා පෙළහර

2018. 05. 12 දින උදෑසන සිට රාත්‍රී 12. 00 දක්වා අනුරාධපුර ස්වර්ණමාලි මහසෑ අභියස දී පැවැත්වේ. කාලසටහන මෙතැනින් ලබාගන්න.

විභජ්ජවාද අභිධර්ම සම්භාෂණය

2018. 05. 12 දින උදෑසන 7.00 සිට ප.ව. 03.00 දක්වා මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

වර්ෂ කිහිපයක් මුළුල්ලෙහි දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහාසංඝරත්නය උදෙසා ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය ඇතුළු ස්ථාන කිහිපයක දී අතිසාර්ථකව පවත්වන ලද සමන්තපාසාදිකා ධර්මවිනය සම්භාෂණය, ආලෝකෝ උදපාදි ධර්මවිනය ප්‍රත්‍යවලෝකනය යන සුවිශේෂී ධර්මවිනය සම්භාෂණ මෙවර විභජ්ජවාද ආභිධර්මික සම්භාෂණය නමින් 1000නමක් මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ස්වර්ණමාලි මහසෑරදුන් අභියස දී පැවැත් වේ.

  1. නිවැරදි ධර්ම විශ්ලේෂණක් කිරීමට අවශ්‍යය පේටකාගත න්‍යායන් හා ආභිධර්මික විශ්ලේෂණ පිළිබඳ මහා සංඝරත්නය දැනුවත් කිරීම
  2. ත්‍රිපිටක පර්යාප්තිය පරිශීිලනය හා සංරක්‍ෂණයෙහි ලා භික්‍ෂුව සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම

ධර්මය පිළිබඳව සමාජ ගතවන කථං කථිතාව (කෙසේ ද කෙසේ ද යන සැකය) පිළිබඳ හා ධර්ම අධර්ම විනිශ්චය පිණිස වන ශාසනික න්‍යායන් ඇතුළත් පර්යේෂණාත්මක විවරණයකි.

මෙහෙයවීම: පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ

අරමුණු:

  1. සුපේසල, ශික්‍ෂාකාමී, ධර්මවිනය ධර භික්‍ෂු පරපුරක් බිහි කිරීම තුළින් සම්බුදුසසුනේ චිරස්ථිතිය
  2. යුද්ධයෙන් දිවි අහිමි වූ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම
  3. යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවන් කුසලයට නැඹුරු කිරීම හා චිත්ත ධෛර්යය වර්ධනය කිරීම
  4. ලක්මාතාවට හා ලෝවැසියන් සඳහා සෙත් පැතීම

ස්වර්ණමාලි මහ සෑ පූජා පෙළහර

ලක්‍ෂ සංඛ්‍යාත සැදහැතියන්ගේ සහභාගිත්වයෙන් 2018. 05. 12 දින උදෑසන 5.30 සිට රාත්‍රී 12. 00 දක්වා පැවැත්වේ.

පිංකම් මාලාව

  1. ශ්‍රී සර්වඥධාතු වන්දනාව
  2. මහ සෑ මළුව වටා ඇති කොඩි කණුවල බෞද්ධ කොඩි පැළඳවීම
  3. සම්බුද්ධ පූජාව, අෂ්ට පරිෂ්කාර සහ ස්වර්ණ වර්ණ කඤ්චුකය ථූපාරාමය අසල සිට දර්ශනීය පෙරහැරකින් වැඩම කරවීම
  4. ස්වර්ණ වර්ණ කඤ්චුකය මහ සෑයට පැළඳවීම, මහසෑයේ පේසා වළලු 3, පරිවාර චෛත්‍යය 4, කඤ්චුකවලින් සැරසීම හා මහසෑයේ පේසාවේ මල් ඇතිරීම
  5. විදුලි බුබුළු ආලෝක පූජාව (මහසෑයේ සහ පරිවාර චෛත්‍යවල පේසාවළලු, සෑ මළුව සහ පිවිසෙන මාර්ගය)
  6. මව්බිම වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්‍ෂක අංශයේ රණවිරුවන් වෙනුවෙන් එකී අංශවල නිළධාරී මහතුන් විසින් විශේෂයෙන් පිළියෙල කළ පහන්වලින් සිදු කෙරෙන පහන් ආලෝක පූජාව හා එම රණවිරුවන්ගේ දෙමව්පියන් විසින් නිවසේ දී සිඳගත් පහන් තෙලින් සිදු කෙරෙන පහන් 20,000ක විශේෂ ආලෝක පූජාව
  7. යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවන් විසින් සිදු කෙරෙන නෙළුම් මල් කළඹ 10,000ක විශේෂ පූජාව
  8. ගුවනින් මල් ඉසීම හා මල්වෙඩි පූජාව (අභයවැව ඉස්මත්තේ සිට)
  9. විශේෂ ශබ්ද පූජාව (108 දෙනෙකුගෙන් සැදුම්ලත් හේවිසි කණ්ඩායම)
  10. අසිරිමත් සත්බුදු වන්දනාව හා මහාස්තූප වන්දනාව (අතිපූජ්‍ය පිටිගල ගුණරතන හිමිපාණෝ)
  11. මහ සෑ මළුව සුවඳ පැනින් දෝවනය කිරීම හා පහන් ගෙවල් පිරිසිදු කිරීම
  12. සෙත්පිරිත් සජ්ඣායනය
  13. ක්‍ෂීරපායාස සම්බුද්ධ පූජාව
  14. 1000ක් නමක් වෙත හීල් දානය, සංඝගත දක්‍ෂිණාව හා ධම්මසංගණී විවරණ ග්‍රන්ථ පූජාකිරීම
  15. ග්‍රාමීය විහාරස්ථාන 100ක් වෙත සිදු කෙරෙන ත්‍රිපිටක පූජාව හා පොත් කබඞ් පූජාව. (පොත්
    කට්ටල සියයක්)
  16. විශේෂ ධර්ම දේශනය (අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමිපාණන් වහන්සේ)

විමසීම්:

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමි,
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය, මුරියාකඩවල, අනුරාධපුර.

  1. Email: labunoruwakanda@gmail.com 
  2. Telephone: 0772774640 / 0764417311 / 0714079712
  3. Facebook: ලබුනොරුවකන්ද ආරණ්‍යය සේනාසනය

පිංවත් ඔබගේ සියලු ආධාර කිරීම් පහත දැක්වෙන ගිණුම් අංකය සඳහා පමණයි:

Account No. – 102161004287
Swift code – BSAMLKLX
Labunoruwakanda Kanda Aranya Senasuna Sanwardhana Samithi
Sampath Bank, Anuradhapura Branch