බසවක්කුලම ධම්මහදය විහාරය

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ බසවක්කුලමේ ඉදිවන තෙමහල් විහාර හා භික්ෂු පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිරි වැඩකටයුතු සඳහා ඇස්තමේන්තු ගත වියදම් සටහන අප වෙත ලැබී ඇත. එය මෙතැනින් ලබාගන්න.
ඒ යටතේ කුටි 10 ක්, ධර්ම ශාලා, භාවනා ශාලා හා නාන කාමර වලින් සමන්විත මහල් තුනේ ගල්, වැලි, සිමෙන්ති ආදී ඉදිකිරීමේ භාණ්ඩ සඳහා පමණක් වියදම ලක්ෂ 82 කි. වැඩ කුලිය සඳහා පිරිසක් ස්වේච්ඡාවෙන් දායකත්වය දැක්වීමට ඉදිරිපත් වී ඇත.
මෙම භාණ්ඩ සඳහා යන වියදම පමණක් එක කොටසකට රු. 820,000 වනසේ කොටස් 10 කට බෙදා සැදැහැති පින්වතුන්ට දායකත්වය දැක්විය හැකි පරිදි සකසා ඇත. (කුටි 10 ක් ඇති බැවින්)
කොටසක දායකත්වය ගන්නා පින්වතුන්ට හෝ පින්වත් පිරිසට අවශ්‍ය නම් ස්වාමීන්වහන්සේට පෞද්ගලිකව හමුවී මුදල් පරිත්‍යාග කල හැකි අතර නැතිනම් පහත බැංකු ගිණුම්ට තැම්පත් කල හැකිය.

එක් කුටියක දායකත්වය රු. 820,000

භාරගෙන ඇති කොටස් ගණන වෙබ් අඩවියේ පළකිරීම සඳහා කොටසක (කුටියක) දායකත්වය භාරගන්නා පින්වතුන් ඒ බව path.nirvana@gmail.com ලිපිනයට හෝ 0112752352 දුරකථන අංකයට දැනුම් දෙන්න. පිරිසිදු ත්‍රිපිටක දහම ලොව පුරා ප්‍රචාරය කිරීමේ මධ්‍යස්ථානයක් වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දී අට මහා කුසලයන්ගෙන් එකක් සිදු කරගන්න.

මෙම ද්‍රව්‍ය විස්තරයට අමතරව තව වැඩ කිපයක් ඉතිරිව ඇත. විවෘත වැරැන්ඩාවෙ කෙටිලී වැටක්. ඉහල මාලයේ වටේට සවිකරණ වීදුරු. දෙවන තට්ටුවේ වටේට අඩි පහක් පලල යකඩ සහ අමානා තහඩු යොදා ආවරණිය වහළය. ඒ අමතර වැඩ සඳහා ඕනෑම අයෙකුට පහත ගිණුම් අංක භාවිතා කර ආධාර ලබා දිය හැකිය.

ආධාර තැම්පත් කිරීම සඳහා බැංකු ගිණුම් (මාන්කඩවල නන්දරතන හිමි)
1) Mankadawala Nandarathana Thero, Sampath Bank, Kakirawa Branch – 114954263933
2) Mankadawala Nandarathana Thero, Peoples Bank, Kakirawa Branch – 042200427485306

මුදල් තැම්පත් කිරීමෙන් ලැබෙන රිසිට් පත පහත ලිපිනයට යැවීමෙන් පුණ්‍යානුමෝදනා පත්‍රයක් ලබාගත හැකිය: Labunoruwakanda Aranya Senasanaya, Muriyankadawala, Galenbindunuweva, Sri Lanka. Telephone: 0253254193

‘නිවනේ පණිවිඩය’ අලුත් පොත

සසංක මහතා විසින් 2015-11-25 දින කොහුවල දේශනය ඇසුරෙන් සකසන ලද මෙම පොතේ මුද්‍රණ වියදම රු 24.50 කි. පිටපත් අවශ්‍ය අය පහත දුරකථන අංකයෙන් කුමාර් මහතා අමතන්න 0777802007.

පොතේ අන්තර්ජාල සංස්කරණය

මෙම දේශනාවම ‘නිමිති ලෝකය’ පොතේද ඇති බව කරුණාවෙන් සලකන්න. පිටපත් 5000ක් නොමිලේ බෙදා හැරීමට කලණ මිතුරු සසංක මහතා සුදානම් කර ඇත.