නුවර භාවනා වැඩසටහන හා සංයුක්ත නිකාය කියවීම

නුවර භාවනා වැඩසටහන ලබන සෙනසුරාදා

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ සුමධුර ධර්ම දේශනයක්, ධර්ම සාකච්චාවක් ඇතුළු භාවනා වැඩසටහනක් පෙබරවාරි 6 වැනි සෙනසුරාදා දිනය පුරා (උදැසන 8 සිට සවස 4 තෙක්) නුවර දළදා මාලිගය අසල එක්සත් බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවැත්වේ.

සුදුවතින් සැරසී දහවල් දානයද රැගෙන පැමිණෙන්න. සහභාගී වන ස්වාමීන්වහන්සේ ලාට පමණක් දහවල් දානය සපයනු ලැබේ. සියලු දෙනාට ගිලන්පස සපයනු ලැබේ. දුර්ලභව ලැබෙන අවස්ථාවක් බැවින් හැකි සෑම දෙනාටම පණිවිඩය යවන්න. අන්තර්ජාලය නැති යහළු යෙහෙළියන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දෙන්න.

වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. පහත දුරකථන අංක වලින් සංවිධායක මණ්ඩලයෙන් වැඩි විස්තර ලබාගත හැකියි: ගුණරත්න 071-8032558, අමල් 071-1479970.

සංයුත්ත නිකාය – නිදාන වර්ගය කියවන්න

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ 2 වන පොතේ නිදාන වර්ගයේ එන සූත්‍ර කියවන ලෙස සුදස්සන හිමියන්ගේ බණ අසන සියල්ලන්ගෙන් උන්වහන්සේ විශේෂ ඉල්ලීමක් කරන්නට යෙදුනි. ඉදිරි සති කිහිපය තුළ උන්වහන්සේ විසින් කරනු ලබන පටිච්චසමුප්පාද දේශනා වලට පූර්ව සුදානමක් වශයෙනි. ඔබගේ පහසුව සඳහා නිදාන වර්ගය පහතින් ලබාගන්න ක්‍රම 4ක් දක්වා ඇත.

පහත සූත්‍ර වලට විශේෂ අවදානයක් යොමු කරන්න: පරිවීමංසමාන සූත්‍රය, ඤාණවත්ථු සූත්‍ර, පඤ්චවේරභය සූත්‍රය
මුළු ත්‍රිපිටකයම ලබා ගැනීමට මෙම පිටුවට පිවිසෙන්න.