වෙසක් පෝ දින වැඩසටහන සහ කුටි පූජා

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් වෙසක් පෝ දින (මැයි 10) මුළු දවස පුරා ලබුනොරුව ආරණ්‍ය සේනාසනයේදී විශේෂ ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ථේරවාද බුදුදහමේ ඇති සුවිශේෂී ලක්ෂණ, එය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සහ එහි මූලික හරයන් මැනවින් මේ දේශනාවේ දී විස්තර කිරීමට ස්වාමීන්වහන්සේ බලාපොරොත්තු වේ. මේ කාලයේ ශාසනයට නොයෙක් පැති වලින් තර්ජන එල්ලවී ඇති බැවින් මේ කාලෝචිත දේශනා ශ්‍රවණයට සෑම දෙනාම සහභාගී වෙන්න.

කුටි පූජා වැඩසටහන

ලබුනොරුව ආරණ්‍ය සේනාසනයේ අලුතින් පැවිදිවන ස්වාමීන්වහන්සේලාට අලුතින් කුටි සැදීම සහ දැනට වැඩසිටින ස්වාමීන්වහන්සේලාගේ කුටි වල ආරක්ෂාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැඩසටහනක් මේ දිනවල සිදුකෙරෙමින් පවතී. වැඩි විස්තර සහ චායාරූප උත්තම කුටි පූජා වෙබ්අඩවියයෙන් ලබාගත හැකිය. ආධාර කිරීමට කැමති අයට කොත්මලේ කුමාර කස්සප හිමියන්ගෙන් හෝ ඉහත වෙබ්අඩවිය හරහා විස්තර ලබාගත හැකිය.

“අපරියාපන්න භුමිය වෙතට” අලුත් පොත

සමිරු ගයාන් මහතාගේ මුලිකත්වයෙන් ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා තුනක් ඇසුරෙන් සකස් කරන ලද මෙම පොත මුද්‍රණයෙන් එලි දැක්වීමට සියල්ල සුදානම් කර ඇත. පොතේ අන්තර්ජාල සංස්කරණය මෙතැනින් ලබාගන්න.

පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය ලක්මි කුරුප්පු මහත්මියට දැනුම් දෙන්න (0774969682 හෝ lakme15@yahoo.com). පිටපතක මුද්‍රණ වියදම රු 60 කි. වෙසක් පො දින ලබුනොරුව ආරණ්‍යයේ දීද මේ පොත් බෙදා දීමට සුදානම් කර ඇත.