කස්සප හිමියන්ගේ දේශනා සහ ලබුනොරුව දාන සාලාව

සුදස්සන හිමියන්ගේ ශිෂ්‍ය ලබුනොරු අරණ්‍ය වාසි කොත්මලේ කුමාර කස්සප හිමියන් හා නිකවැව සුබෝධ හිමියන් විසින් ඕස්ට්‍රේලියාවේ දී පසුගිය මාස කිහිපය තුළ පවත්වන ලද දේශනා ගණනාවක් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න.

  1. ධම්මසංගනිප්පකරණය ඇසුරෙන් කරන ලද දේශනා මාලාව
  2. සිවු දින භාවනා වැඩසටහන
  3. සියලු දේශනා

මේවා අප වෙත ලබාදුන් පද්මසිරි හා දිල්ශාන් යන මහත්වරුනට මේ පින් අයත්වේ.

ලබුනොරුව දාන සාලාව වැඩ අවසන්වීම

දාන සාලාව සඳහා උදව් උපකාර කල සියලු දෙනාට පින් අනුමෝදන් කරමින් පහත දැක්වෙන ලිපිය කුමාර කස්සප හිමියන් හා මාන්කඩවල නනදරතන (රාහුල) හිමියන් විසින් වෙබ් අඩවියේ පළ කිරීම සඳහා අප වෙත ඒවා ඇත. දාන සාලාවේ පින්තුර බැලීම සඳහා මෙතැනට පිවිසෙන්න.

Punyanumodana

මෙම ගොඩනැගිල්ලේ ඉහල මාලයේ ඉදිරි වැඩකටයුතු සහ ආරණ්‍යයේ සිදුවන සිමාමාලකයේ හා බුදු මැදුරේ වැඩකටයුතු සඳහා ආධාර කිරීමට ගිණුම් අංකය -> මන්කඩවල නන්දරතන හිමි (Mankadawala Nandarathana Thero) 014950002485 සම්පත් බැංකුව, කැකිරාව ශාඛාව. ආරණ්‍යයේ දුරකථන අංකය -> 025-3254193

මුදල් තැම්පත් කිරීමෙන් පසු ආරණ්‍යට රිසිට් පත යැවීමෙන් පුණ්‍යානුමෝදනා පත්‍රයක් ලබාගත හැකිය -> Postal Address: Labunoruwakanda Aranya Senasanaya, Muriyankadawala, Galenbindunuweva, Sri Lanka.