Guestbook – අමුත්තන්ගේ පොත

අපගේ වෙබ්අඩවිය භාවිතා කිරීමට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ අදහස් හෝ යෝජනා ඇතොත් මෙහි සඳහන් කරන්න. ප්‍රශ්න ගැටළු ආදිය මෙහි සඳහන් කිරීමෙන් වළකින්න.

Guestbook - අමුත්තන්ගේ පොතේ සඳහනක්‌ ඇතුල් කරන්න

 
 
 
 
 
 
 
අපගේ වෙබ්අඩවිය භාවිතා කිරීමට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ අදහස් හෝ යෝජනා ඇතොත් මෙහි සඳහන් කරන්න. ප්‍රශ්න ගැටළු මෙහි සඳහන් කිරීමෙන් වළකින්න.
Fields marked with * are mandatory.
Your E-mail address will not be published.
51 entries.
sunil sunil from winnipeg canada wrote on January 6, 2020 at 6:36 pm
අවුරුදු හැත්තාවකට පසු මගේ සිත වෙනස්කල ශ්‍රී සද්ධර්මය https://www.youtube.com/watch?v=wfawnylcBNU&list=PLs0hgRG0wNf23Orhsw0ofGQWof-MLP3o3&index=1 සාදූ සාදූ සාදූ
ඒ.එම්. රුවන් සංජය වික්‍රමසිංහ ඒ.එම්. රුවන් සංජය වික්‍රමසිංහ from රක්වාන wrote on June 30, 2019 at 9:10 pm
තථාගත සර්වඥ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලොව පුරා කරුණාවෙන් ප්‍රචාරය කරවන ගෞරවණීය මාන්කඩවල සුදස්සන හාමුදුරුවන් වහන්සේ යුගයේ පහළ වුන, මොහදුරු දුරු කරන ප්‍රඥාවේ මිණි පහනක්. ආමිෂයේ පමණක් නියැලී නිවන් දකින්නට උත්සාහ කරන පිරිස් සිටින , ධර්මය විකෘති කරමින් තථාගත දහම අතුරුදන් කරන්නට වෙර දරන පිරිස් සිටින ශාසනයකට , ඊට හාත්පසින්ම වෙනස් මගක යමින් උඩුගං බලා පිහිනන , සම්මා දිට්ඨියට මග පෙන්වන ගෞරවණීය මාන්කඩවල සුදස්සන හාමුදුරුවන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කල්‍යාන මිත්‍රයාණන් වහන්සේ නමක්මය. උන්වහන්සේගේ තව තවත් ධර්ම දේශනා මේ පිටුවට ඇතුලත් කරන තුරු අපද ආශාවෙන් බලා සිටින්නෙමු. අසරණ අප ඇතුලු ලෝක සත්වයන් සසරින් මිදවීම සදහා මග පෙන්වීමට තව තවත් බොහෝ සදහම් දේශනා පැවැත්වීමට ගෞරවණීය මාන්කඩවල සුදස්සන හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු යහපත උදාවේවා.. ගෞරවණීය ලබුනෝරුවකන්ද මහාසංඝරත්නය ඇතුලු මහසගරුවනට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි .
sanka mahesh subasingha sanka mahesh subasingha from gampaha wrote on April 12, 2019 at 9:08 pm
බුදුගුණ අනන්තයි ☸☸☸☸☸☸☸සාදු ! සාදු !! සාදු !!! ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!! මේම ධර්ම දානයට දයකවු සියළු දෙනාටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා..!! ☸☸☸☸☸☸☸ ගීතයක් වී.... සවන් යුග සැතැපී.... සිත් සතන් හැම සැනසී... ඇසේවී කල්පයක් සපුරා.... ගැයේවී දනන් තොල් මතුරා... රැඳේවී හදේ සුව පතුරා...ඒ අසිරිමත් සිරි සදහම්.....!
Sumudu Sumudu from Pelawatta wrote on April 25, 2018 at 2:32 pm
මෙම වෙබ් අඩවිය මගින් සලසන සේවය ඉතා අගේ කොට සලකමි. එසේම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේදී බොහෝ අපැහැදිලි අවස්ථා ඇති බැවින් පටිගත කිරීමේදී ඉහල ගුණාත්මක භාවයකින් යුතුව සිදු කළ හැකි නම් ‍ඉතා අගේ කොට සලකමි.
SarathW SarathW from Melbourne wrote on April 8, 2018 at 1:51 pm
Great Dhamma collection. Thank you for your effort. Please join our Dhamma discussion forum and share your wisdom. https://dhammawheel.com/search.php?search_id=active_topics
hemantha salpadooru hemantha salpadooru from manigawaththa wrote on December 21, 2017 at 5:31 pm
අනේ ඇයි මේ සුදස්සන ස්වාමීන් වහන්සේගේ හැම ධර්ම දේශනයකම පිරිසේ ඉස්සරහින්ම කාස වාට්ටුවේ නවතින්න ඕන ලෙඩ්ඩු ටිකක් ඉන්දවන්නේ .මේවා හිතලම කරනවා කියලයි අපිට හිතෙන්නේ .ඉතාම ගැබුරු දහමක් නේද මේ තේරුම් කරන්න උත්සාහ කරන්නේ .ඇයි බෞද්ධයෝ විදියට නිහඩව පැය 2ක් කහින්නේ නැතුව ෆෝන් off කරගෙන ධර්මය ශ්‍රවනය කරන්න බැරි.ස්වාමීන් වහන්සේ වඩින්නට පෙර වෙනත් ගරු ස්වාමීන් වහන්සේ නමක් පැමිණි කැස්ස ඇති පිරිස් පසුපසින් වාඩිවන ලෙසට කියන්නේ නම් මැනවි .බල්ලොන්ගේනුත් හරියට කරදර.බුරනවා බුරනවා .මේවා වෙනරටක නම් සජීවීව දෙනවා සියලුම වැඩසටහන් නවත්වල .එත් අපේ පාලකයන්ට බුදුදහම වටින්නේ නැ .එත් අපිට වටිනා නිසා සහ මතු පරපුරට වටිනා නිසා මේ දේශනා ඉතාම හොද තත්වයෙන් පටිගත කොට තබාගන්න ලෙස ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමි
Shiranthi Shiranthi from London wrote on November 29, 2017 at 2:04 pm
Great site. Am a regular visitor. Its great to be able to get access to such valuable resources, from wherever you live. My heartly thanks n gratitudes for everyone who contribute to maintain n upkeep of this great web site. Triple gem bless!
Erandi Fernando Erandi Fernando from Doha - Qatar wrote on October 18, 2017 at 4:23 pm
සුන්දර මනුසත් උයනේ, අප හට හමු වූ, අති සොදුරුතම තෝතැන්නකි "ලබුනොරුව කන්ද අරණ්‍ය සේනාසනය". සම්බුදු මුව කමලෙන් ගලා ගිය ඒ සුන්දර සම්බුදු දේශනාව අපගේ ජීවිතයට කියා දුන් පින්වතුන් වහන්සේලා වැඩි බිමට මගේ නමස්කාරය වේවා.
සම්පත් රෝහණ සම්පත් රෝහණ from ගාල්ල wrote on September 20, 2017 at 9:59 am
අඳුරු සසර මග නෙත් පෑදූ උතුම් ගුරු දේවයානන් වහන්සේටත්, පටිගත කිරීමේ සිට මා අතට ඒ උතුම් දේශනා පත්වනතුරුම, නන් අයුරින් සම්බන්ධවූ සියළු ගිහි පැවිදි පින්වතුන්ටත්, මෙ පින් බලයෙන් මෙම ආත්ම භවයේදීම නිර්වාණාවබෝධය වේවා!!! සාධු!!! සාධු!!! සාධු!!!
Shashini Ariyadasa Shashini Ariyadasa from colombo wrote on September 13, 2017 at 10:22 am
Thank you very much for maintaining this site. I am a regregular user. Your attempt in obtaining all the sermons is noble. If it wasn't for this site we won't be able to listen to new sermons. I have great value in very word that successes thero preach. මෙ පිං බලයෙන් ඔබ සැමට නිවන් සුව ලැබේවා
සරත් සරත් from Galle wrote on July 8, 2017 at 2:11 pm
සුදස්සන හිමියන්ගේ බොහෝ දේශනා ඉතා අගනා ඒවා වුවත් එම දේශනා පටිගත කිරීමෙිදී නිසි ලෙස සිදුවී නොමැති බැවින් අනවශ්‍ය ශබ්ද සහ දෝංකාරය නිසා ශ්‍රවණය කිරීම ඉතා අපහසුය. මේ ගැන ඔබගේ කාරුණික අවධානය යොමු කරමි.
Jayantha jayavickarama Jayantha jayavickarama from Piliyandala wrote on June 30, 2017 at 8:46 am
දේසකයානන් වහන්සේටත් අප සියලු දෙනාටත් මගපල නිවන අරමුනු වේවා.!!
Sithari Samarasinghe Sithari Samarasinghe from Colombo wrote on May 3, 2017 at 1:05 pm
Pera No Asu Dharmayakma Asannata Api Bagyawantha Wunemi. Oba wahanseta deergayu Prarthana Karami
Indika Niroshan Indika Niroshan from kegalle wrote on April 26, 2017 at 3:46 pm
I really appreciate what you have been doing and I am much grateful to you if you could upload the books DHAMMA SANGANI WIWARANAYA part 1 and 2. Theruwan Saranai...
Ms. Damitha de Silva, Ms. Damitha de Silva, from Nugegoda wrote on March 24, 2017 at 11:45 am
I sincerely grateful to you for sending me the sermons of 2016 plus the meditation CD. For yr generous effort to distribute this valuable sermons for people for the enlighten carries tremendous kusal. Blessings ofthe Triple Gem b with u all.
R. M. Sarathchandra R. M. Sarathchandra from Gold coast wrote on March 9, 2017 at 3:13 pm
I feel we all got greatest remarkable gem to reach Buddhism by great reverent Mankadawala Sudassana thero. Its deep abd simple expression. May attend enlightenment. Also remind Balangoda Ananda Maithree thero and Rerukane Chandavimala. Thanks everyone.
Panduka Neluwala Panduka Neluwala from Tokyo wrote on January 20, 2017 at 7:30 am
Thank you very much for building the website
Dr.Nilmini Dr.Nilmini from Galle wrote on December 31, 2016 at 11:55 pm
උදා වන නව 2017 වසරේදී මාන්කඩවල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශණා වැඩි වැඩියෙන් අපවෙත ලැබෙන්නත්, ඒ කර්තව්‍ය ඉතා කරැණාවෙන් සිදු කරන ඔබ සැමට චතුරාර්‍ය සත්‍ය වහ වහා අවබෝධ වීමට ශක්තිය ලැබෙන්නත් අප සැමගේ පරම පැතුමයි... ඔබ සිදුකරන මෙම උතුම් ධර්ම දානමය කටයුත්ත තව තවත් වැඩිදියුණු වේවා.. සියලු සත්වයන් සුවපත් වේ‍වා.!!!!! තෙරැවණ් සරණයි......
Lakme Kuruppu Lakme Kuruppu from Padukka wrote on December 14, 2016 at 8:22 pm
අමා මෑණි සම්මා සම්බුදුරජානන්වහන්සේගේ පිරිසිදු දේසනා ඇතුලත් පෙලදහමේ ගාම්බිරවූ නියම අරුත් කාලින උපමා සහිතව සරලව පැහැදිලි කරන අති පුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ දේසනා ප්රාතිහාර්යක්මයි. ඔබවහන්සේට නිදුක්, නිරෝගී බවත් උතුම් නිවන් සම්පත්තියත් වේවා! ජනක මහත්මාණෙනි, ඔබතුමාගේ සේවය අති මහත්ය. ඔබතුමා සිදුකරන මෙම ධර්ම දානමය පුන්යකර්මයෙන් ඔබතුමාට වහ වහා ධර්මාවබෝදයම වේවා!
ගයාන් කාංචන ගයාන් කාංචන from ගාල්ල wrote on December 9, 2016 at 8:19 am
ඔබ වහන්සේ දේශනා කරන ධර්මය මීට පෙර කිසිම කලෙක අසා නොමැත.