Author Archives: path.nirvana@gmail.com

ධර්ම දේශනා පටිගත කිරීම් අලුත් පොත සහ රුවන්වැලිසෑයේ ධර්ම දේශනාව

සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන බුදු මග ධර්ම දේශනා මාලාව සහ පෝදින ධර්ම දේශනා මාලාව වෙබ් අඩවියට ඇතුල් කර ඇත. ධර්ම දේශනා එකින් එක පටිගත කිරීම් දැනුවත් කිරීම් නොකෙරෙන අතර පහත වෙබ් අඩවියෙන් ඒවා කෙලින්ම බාගතකරගෙන ඇසීමට පුළුවන්.

https://tipitaka.lk/cloud/2452
මෙම ධර්ම දේශනා අප වෙත එවන YouTube වෙබ් අඩවියේ පළ කරන හර්ෂ සිරිවර්ධන මහතාට මේ ධර්ම දානමය පින අයත් විය යුතුයි. එම Path Nirvana YouTube Channel එකේ subscribe වීම මගිනුත් ධර්ම දේශනා ශ්‍රවනය කල හැකිය.

ධර්ම දේශනාව

පහත ඡායාරූපයේ දක්වා ඇති පරිදි ඔක්තෝම්බර් පළවෙනි වප් පොහෝ දින සවස 6.30 ට රුවන්වැලි මහා සෑය අභියස සුදස්සන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් පැවැත්වේ. සියලු දෙනාම සහභාගි වෙත්වා.

ආයතන නිරෝධය පොත

සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් මාර්තු මාසයේ පවත්වන ලද ධර්ම දේශනාවක් ඇසුරෙන් මාතර මුනිදාස මහතා විසින් සකස් කරන ලද ආයතන නිරෝධය නම් ධර්ම පුස්තකය පහතින් බාගතකරගන්න පිටපත් ලබාගැනීම සඳහා එතුමා සමග කෙලින්ම සම්බන්ධ වන්න.

https://tipitaka.lk/cloud/2537

ස්වාමින්වහන්සේගේ උපන්දිනය අදයි!

අද දින ජන්ම දිනය යෙදී තිබෙන පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ට තවත් චිරාත් කාලයක් ත්‍රිපිටක අටුවා විකෘති කරමින් ප්‍රතික්ෂේප කරමින් අධර්මය පතුරවන මිසදිටුවන්ගේ මත බිඳ හරිමින් පිරිසිදු ත්‍රිපිටක අටුවා බුද්ධ ධර්මය සහ සතර සතිපට්ඨාන මාර්ගය එලි පෙහෙළි කරමින් තවත් චිරාත් කාලයක් නිදුක් නීරෝගිව වැඩ වාසය කරන්නට හැකිවේවා.

Skype විශේෂ ධර්ම දේශනා සහ නව පොත

සුදස්සන ස්වාමින්වහන්සේ විසින් මේ රෝග උපද්‍රව සහිත කාලයට ගැලපෙන සේ පසුගිය දින කිහිපය තුළ දේශනා කළ කාළීන ධර්ම දේශනා දෙකක පටිගත කිරීම් පහතින් දක්වා ඇත. අනිවාර්යයෙන්ම සවන් දෙන්න.

ඉහත මැදින් පෝය දේශනාව ඇසුරෙන් මාතර මුනිදාස මහතා විසින් සකසන ලද “නිවනේ යතුර” නමැති පිටු 46 කින් යුතු පොත මුද්‍රණයට සුදානම් කර ඇත. පොතේ අන්තර්ජාල සංස්කරණය පහතින් ලබා ගන්න

නිවනේ යතුර – 2020-03-09

නිවනට එක ම මග චත්තාරො සතිපට්ඨානා – අලුත් පොත

2019-10-31 වප් පෝ දින පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් ලබුනොරුව අරන්‍යයේදී පවත්වන ලද විශේෂ ධර්ම දේශනාව සහ 2019-10-26 නාඋල කථින ධර්ම දේශනාව ඇතුළු දේශනා කිහිපයක් පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘නිවනට එක ම මග චත්තාරො සතිපට්ඨානා’ නම් පිටු 190 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 120 කි. පිටපත් අවශ්‍ය අය එතුමාව අමතන්න.

පොතේ අන්තර්ජාල සංස්කරණය PDF

ත්‍රිපිටක tablet පූජා කිරීම සහ 2020 ධර්ම දේශනා පටිගත කිරීම්

මාන්කඩවල සුදස්සන හිමියන්ගේ අතින් රටේ සාසනය සුරක්ෂික කිරීමේ යෝජනා මාලාව 2020-01-04 දින ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාව.

2020 වර්ෂයේ සිදුකරන ලද ධර්මදේශනා කිහිපයක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා අප වෙත ලබාදුන් හර්ෂ මහතාට මේ පින් අයත්වේ. ධර්ම දේශනා පටිගත කරන අයට ඒවා හොඳ හඬ තත්වයකින් යුතුව පටිගත කිරීමට සිත් පහල වේවා.

2020-01-01 Galle Desana.mp314 MB
2020-01-01 Galle Discussion.mp313 MB
2020-01-02 Matara Bodhi – Low Quality.mp314 MB
2020-01-02 Matara Munidasa Discussion.mp3

දේශනා පටිගත කිරීම් සහ විභජ්ජවාද වැඩසටහන

සුදස්සන හිමියන් විසින් දෙසැම්බර් මාසයේ පැවැත්වූ දේශනා තුනක පටිගත කිරීම් පහතින් ලබාගන්න. මේවා පටිගත කල සහ අප වෙත සකස්කර ලබාදුන් පින්වතුන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.

2019-12-11 Ill Poya – Labunoruwakanda.mp315 MB
2019-12-15 Illuppukulama Damma Discussion.mp322 MB
2019-12-19 Kelaniya Special.mp327 MB

විභජ්ජවාද වැඩසටහන

2020 නව වර්ෂයේ ජනවාරි 4 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයෙදී පැවැත්වෙන ත්‍රිපිටක මෘදුකාංග ඇතුලත් කර සෑදු ටැබ්ලට් යන්ත්‍ර 5000 ක් පූජා කිරීමේ උත්සවයට ඔබත් සහභාගී වන්න. උදෑසන 5 සිට සවස 5 දක්වා භික්ෂූන් වහන්සේලා 5000 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙම ටැබ් යන්ත්‍රයට ඇතුලත් කරන ත්‍රිපිටක මෘදුකාංග සහ පොත් ඔබගේ ජංගම දුරකතනයට හෝ ටැබ් යන්ත්‍රයට මෙතනින් ලබාගන්න

මාතර ධර්ම දේශනාව

සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනාවක් 2020 ජනවාරි 2 වැනි දින මාතරදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා මාතර මුණිදාස මහතා අමතන්න.

කැලණිය ධර්ම දේශනාව

අති පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ සහ අති පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ගේ ගෞරවනීය වැඩමවීමෙන් 2019/12/19 වන බ්‍රහස්පතින්දා සවස 2.00 සිට 6.00 දක්වා කැළණිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙන අසිරිමත් ශ්‍රී සද්ධර්ම දේශනාව හා දහම් ගැටලු සාකච්ඡාව.

  • සවස 2.00- 3.30 දක්වා – ධර්ම දේශනාව – අති පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ
  • 3.30 – 4.00 දක්වා – විවේකය
  • සවස 4.00 – 6.00 දක්වා – දහම් ගැටලු සාකච්ඡාව – අති පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ

පිං කැමති සැදැහැවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…!

වප් පෝය දේශනාව, ධර්මාසන පූජා සහ බසවක්කුලම දේශනා

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් ලබුනොරුව ආරණ්‍යයේ වප් පෝ පිංකම වෙනුවෙන් සිදුකල මනරම් දේශනාව, ඉලුප්පුකුලම ධර්මාසන පූජා වෙනුවෙන් මීට සති කිහිපයකට පෙර සිදුකල දේශනාව සහ බසවක්කුලම සිදුකෙරෙන විශේෂ දේශනා මාලාවේ පටිගත කිරීම් පහතින් ලබා ගන්න.
මේ දේශනා පටිගත කර අප වෙත එවූ හර්ෂ මහතා ඇතුළු පිරිසට මේ පින් අයත්වේ.

  1. 2019-10-13 ලබුනොරුව ආරණ්‍යයේ වප් පෝ පිංකම
  2. 2019-09-22 ඉලුප්පුකුලම ධර්මාසන පූජා
  3. 2019-08-04 බසවක්කුලම
  4. 2019-09-01 බසවක්කුලම

පදයෙන් පදය සිංහල අරුත් සහිත සෙත් පිරිත් දේශනා

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව Android app එකක් ලෙස ලබා ගන්න.
https://play.google.com/store/apps/details?id=lk.pitaka.pirith
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
පදයෙන් පදය අර්ථ විග්‍රහය සිදුකර ඇත්තේ පළමු පිරිත් 17 ට පමණක් බව කරුණාවෙන් සලකන්න. ඉදිරියේදී ඉතිරි පිරිත්ද එසේ සැකසීමට බලාපොරොත්තු වෙමු.
ඔබට වැදගත් පිරිත් ඉදිරියෙන් තරු ලකුණක් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තුවක් සකසා ගත හැකිය. උඩු අතට සහ යටි අතට ඇති ඊතල මගින් පිරිත් අනුපිලිවෙල වෙනස් කරගත හැකිය.
https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.
හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය

ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් මුද්‍රණය අනුව යමින් එය සංරක්ෂණය කිරීමේ අභිප්‍රායද පෙරදැරිව මසක පමණ කාලයක් වෙහෙස වීමෙන් මේ PDF පිටපත සකස් කරන ලදී.

This set of PDF files is an authentic recreation of the original Buddha Jayanthi Tipitaka book series of Sri Lanka.

මේ ව්‍යායාමය වසර 30 ගණනක් වෙහෙස මහන්සි වී බුද්ධ ජයන්ති පොත් පෙළ සකස් කරන ලද මහා ථෙරවරුන්ට ද උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත කැපවීමට ද කරන උපහාරයක්ම වේවා.සම්පුර්ණයෙන්ම නොමිලයේ ඔබ අතට තිලිණ කරන පිරිසිදු ධර්ම දානයකි. Size 5.8 GB. හැකිතාක් DVD, Pen Drive ආදියට ඔස්සේ ධර්මකාමින් අතර බෙදාහැර ඔබත් ධර්ම දානයට දායක වෙන්න.

මේ PDF සංස්කරණයේ විශේෂත්වය

  1. දැනට පවතින බෞද්ධ සංස්කෘත මධ්‍යස්ථානයේ ත්‍රිපිටක මුද්‍රණයේ සහ ආතාපි අඩවිය විසින් සිදුකල PDF පිටපතේ අකුරුවල පැහැදිලිතාවය අඩු මට්ටමක පවතී. ත, න සහ ති, තී වැනි අකුරුවල වෙනස්කම්ද, footnotes අකුරුද හඳුනාගැනීම අපහසුය. පහත රූප සටහනේ දැක්වෙන පරිදි අප විසින් සකස්කළ පිටපතේ මේ අකුරු වඩා පැහැදිලිය.
  2. දැනට පවතින ත්‍රිපිටක මුද්‍රණයෙන් ද, ආතාපි PDF පිටපතෙන් ද ඉවත් කර ඇති ශුද්ධි පත්‍ර මේ පොතට ඇතුළු කර ඇත. පැරණි බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණයේ පැවති එකදු පිටුවක් වත් අප විසින් ඉවත්කර නොමැති අතර අලුතෙන් එක් පිටුවක් හෝ එකතුකර ද නොමැත.
  3. පොතේ පටුනේ සඳහන් සුත්‍ර/මාතෘකා ඇසුරෙන් bookmarks සකස් කර ඒ ඒ PDF එකට එකතු කර ඇත. මේ bookmarks මත click කිරීමෙන් ඉතා පහසුවෙන් අදාළ සූත්‍රය වෙත පිවිසිය හැකිය.
  4. පොතේ පිටුවල අන්තර්ගතයට අමතර කිසිම වචනක් හෝ links පිටුවලට එකතු කර නොමැත.

විශේෂ පුන්‍යාණුමෝදනාව

  • ත්‍රිපිටක පැරණි මුද්‍රණයේ පොත් ලංකාව පුරා ආරණ්‍ය පුස්තාකාල වලින් සොයාගෙන අප වෙත ලබාදුන් එමෙන්ම සකස් කර අවසන්වූ PDF පිටපත් වල අඩුපාඩු අපට පෙන්වා නිවැරදි කරගැනීමට උපකාර කළ මාන්කඩවල නන්දරතන (රාහුල) හිමියන්ට සහ කොත්මලේ කුමාරකස්සප හිමියන්ට.
  • නොයෙක් අයුරින් උපකාර කල දෙමාපියන්ට
  • පොත් scan කිරීම සහ පටුන සහිතව PDF සකස් කිරීම ජනක (Path Nirvana) path.nirvana@gmail.com

අදහස් යෝජනා සහ යම් අඩුපාඩුවක් තිබේනම් ඉහත email එකෙන් දැනුම් දෙන්න.පැරණි පොත් පිටුවලට කෘමීන්ගෙන්, තෙතමනයෙන් සහ සීල් ගැසීම නිසා සිදුව තිබූ හානි හැකිතාක් ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බව කරුණාවෙන් සලකන්න.

භාගත කරගැනීම පහත link වලින්

  1. http://52.187.18.71/files/bjt/
  2. http://www.mediafire.com/folder/oo8eet91ax8py/
  3. https://archive.org/details/tipitaka-sri-lanka

ඇසළ පෝය දේශනාව සහ කුටි පූජා

මාන්කඩවල සුදස්සන හිමියන් විසින් ලබුනොරුව ආරණ්‍යයේ ඇසළ පෝ පිංකම වෙනුවෙන් අද දින සිදුකල මනරම් දේශනාව සහ ඉලුප්පුකුලම කුටි පූජා වෙනුවෙන් මීට දින කිහිපයකට පෙර සිදුකල දේශනා 2 පහතින් ලබා ගන්න.
මේ දේශනා පටිගත කර අප වෙත එවූ හර්ෂ මහතා ඇතුළු පිරිසට මේ පින් අයත්වේ.